Thursday, July 23, 2015

පොළොන්නරුව පෞරාණික නගරය

පොළොන්නරුව පෞරාණික නගරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
පොළොන්නරුව පෞරාණික නගරය
Ancient City of Polonnaruwa
*
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය

පොළොන්නරුව ගල් විහාරය‍හි ශෛලමය ප්‍රතිමාවක්
රට  ශ්‍රී ලංකාව
වර්ගය Cultural
වර්ගීකරණය i, iii, vi
යොමුව 201
කලාපය Asia-Pacific
ලේඛනගත ඉතිහාසය
ලේඛනගත වූ වර්ශය 1982  (6th Session)
* ලෝක උරුම අඩවි නාමාවලියෙහි ඇති පරිදි.
යුනෙස්කෝවට අනුව වර්ගීකරනය වී ඇති ආකාරයට.
Polonnaruwa.jpg
අතීත රජරට රාජධානියේ අගනුරකි. එවක මෙම නගරය විජයරාජපුර නම් විය.
ශ්‍රී ලංකාවේ පැරණි අගනුවරක් වන ඵෙතිහාසික පොළොන්නරුව චෝල ආක්‍රමණිකයන් විසින් මුලින්ම අගනුවර කරගන්නා ලදී. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු Iවන විජයබාහු රජ විසින් තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. මෙම කෙටි කාලීන චෝල යටත් විජිත සමයේදී පොළොන්නරු ප්‍රදේශය ජනනාතමංගලම් ලෙස හැදින්වූ බව සඳහන් වේ. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පැරකුම් රජ සමය, පොළොන්නරුව රාජධානියෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වෙන අතර එම කාලවකවානුව තුල ආර්ථික හා කෘෂිකාර්මික සමෘද්ධියක් රට තුල ඇති කිරීමට මහා පරාක්‍රමබාහු රජු සමත් විය.
අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයෙවිය යුතුය යන අධිෂ්ඨානයෙන් කටයුතු කල මහා පරාක්‍රමබාහු රජු රටේ වාරිමාර්ග පද්ධතියේ ඉමහත් දියුණුවක් ඇතිකරමින් රජරට ප්‍රදේශයේ සශ්‍රීකත්වය සඳහා අවශ්‍ය කටයුතු සැලසීය. පැරකුම් රජු විසින් ඉදිකල සුවිසල් පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග පද්ධතියේ දියුණුව උදෙසා ඔහු කල සේවය මැනවින් නිරූපණය කරන්නකි. මෙම යුගයේදී රට සාමකාමි හා ස්වයංපෝෂිත බවින් යුක්ත වූ අතර සහල් පවා මෙරටින් පිටරට යැවූ බව පොතපතෙහි සඳහන් වේ.
පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංකමල්ල රජු රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මේ සදහා බලපාන ප්‍රධානතම කරුණ වන්නේ සිහසුන අත්පත් කර ගැනීමට එකිනෙකා අතර ඇතිවන ආරවුල්ය. මෙවන් තත්වයක් යටතේ 1214 දී පමණ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවන අතර පොළොන්නරුව රාජධානිය මුලුමනින්ම බිඳ වැටිමට මෙම ආක්‍රමණය හේතු වේ. ඉන් අනතුරුව ලංකාවේ රාජධානිය බවට පත්වන්නේ දඹදෙණිය රාජධානියයි.

පටුන

පොළොන්නරු යූගයේ විසු රජවරු


පුරාවිද්‍යාත්මක නටඹුන්

Vatadage.jpg

පොළොන්නරුව-ශ්‍රි ලංකා‍‍ව
පොළොන්නරුව
ශ්‍රි ලංකා‍‍වෙ උතුරු මැද පලාතේ පොළොන්නරැව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භුමි භාගයක පිහිටි පොළොන්නරුව වු කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි.පොළොන්නරු නගරයේවිශාලත්වය හෙක්ටර්යර් 122 කට ආසන්නය.අනුරාධපුර රාඡධානිය බිද වැටිමෙන් අනතුරුව ශ්‍රි ලංකාවෙ අගනගරය වුයේ පොළොන්නරුවයි.අනුරාධපුරය වනසා දමා සිංහල රඡ පරපුරට තිබු රාඡ්‍යත්වය පවා අහිමි කිරිමට පොළොන්නරු සමයේදි විදේශ ආක්‍රමණිකමයෝ සමත් වුහ.සියවස් පහලොවකට ආසන්න කාලයක් ශ්‍රි ලංකාවෙ අගනුවර වශයෙන් පැවති අනුරාධපුරය හා සසදන විට පොළොන්නරුව අගනුවර වශයෙන් පැවතියෙ ඉතාකෙටි කාල පරිචිඡේදයකි.එය ශතවර්ෂ දෙකකට සිමාවෙයි.එනමුත් අසිරිමත් වන්නේ එය නොව,අනුරාධපුරයේ නෂ්ඨාව ශේෂ සමග පොළොන්නරු නටබුන් සසදන විට විස්මය දෙගුන තෙගුන වෙයි.පොළොන්නරුව යන ග්‍රාම නාමය සම්භාවය ලබා ඇත්තේ "පුලස්ති නගර යන සංස්කෘත නාමයෙන් බවට විස්වාසයක් පවති.පොළොන්නරුව යන්නට කදවුරු නුවර,ජනනාථ මංගලම් පුර,රාජරාජ පුරය,පුලනරි,විජයරාජපුරම්,කාලිංගරාජපුරය යන විවිධ නම් විවිධ මුලාශ්‍ර වල භාවිතා කර ඇත.

පොළොන්නරුව පිහිටිමේ වැදගත්කම

අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්,යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කදවුරු පිහිටුවිමට සුදුසු පෙදෙසක් ලෙස
  • අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංදිස්ථානයක් ලෙස
  • ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස
විදහා දැක්විය හැකිය.

ඹ්නෑම දේශයක දියුනුව ‍ගෞරවය හා කිර්තිය එම දේශවාසින්ගේත් පාලකයන්ගේත් අප්‍රතිහත ධෛර්යයේ ළුලය බ‍ව අමතක නොකල යුතුය.දෙස් විදෙස් පතල සුවිසල් කිර්ති නාමයට හිමිකම් කියන කිර්තිනාමය පුරය‍ට ගෙන දුන්අතීත රඡවරු සහ රැඡිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහ අට දෙනෙකි.පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨනයෝය.ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ ව්ශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකිය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජිවිතය පරදුවට තබා කැපවිමෙනි.කැපවිමේ ධර්මතාවය මත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ බිහිවෙති.
පොළොන්නරුව රාජධානිය ක්‍රැර ලෙසත් සාහසික ලෙසත් විනාශ කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි.මේ පාලක පාලිකාවන් සියලු ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් පළමුවන විජයබාහු රජ සහ භේද භින්නවු අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඓතිහාසික සාධක වලට අනුව ,සාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කො‍ටස් කිහිපයකින් සැදුම්ලද්දක් විය.
ප්‍රරාක්‍රම සමුද්‍රය
වටදා ගෙය
ලංකා තිලක
Galpotha
  • ඇතුල් නුවර
  • පිට නුවර
  • පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර,ජනාවාස,‍ගොවිබිම්)
පොළොන්නරුව වු කලි සැබවින්ම වැදගත්වුත්,අමරණියවුත් ප්‍රදේශයකි.පුලතිස් පුරවරය ගැන කථාකරන වි‍ට අප මතකයට නැගෙන ස්ථාන රාශියකි.

ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය.
ගොවි පවුල් වලට සහ ගොවි බිම් අක්නර20000 කට පමන ජලය සපයම්න් හෙක්ටාර 2500 කට ආසන්න භුමි ප්‍රමානයක් වසාගත් පරාක්‍රම සමුද්‍රය අතීතයේදිත් පොළොන්නරු නගරයේ බටහිර සිමාවේ දිගින් විශාල ප්‍රදේශයක‍ට දිග අගුලක ආරක්ෂාව,ශක්තිමත් ප්‍රකාරයක ආරක්ෂාව ලබාදි ඇත.ස්වකීය තේජසට සහ රාජ්්‍යත්වයට ගැලපෙන ලෙසින් මහල් හතකින් යුත් මාලිගයක් දිව්‍ය මාලිගයක් බදුවු "වෛජසන්න ප්‍රසාදය" හෙවත් "සත්මහල් ප්‍රසාදය" අද දක්නට ඇත්තේ මහල් තුනක නටබුන් පමනි.මුළු මාලිගා සංකීර්නය කාමර 16 කින් යුක්ත වි ඇත.පොළොන්නරුව තුල පවත්නාවු තවත් සුවිශේෂත්වය‍ක් වන්නේ එහි පවත්නා ද්විතික සංස්කෘතික ලක්ෂනයි.
බෞද්ධ ගෘහ නිර්මාණ,ශිල්පයන්,බෞද්ධ කලාවන්,හින්දු ගෟහ නිර්මාණ ශිල්පයන්, හින්දු කලාවන්පොළොන්නරුවේ නටබුන් අතර විශේෂ කොට හදුනා ගත හැකිය.හින්දු සංස්කෟතිය ගැන සදහන් කරන විට මතකයට නැගෙන තවත් කරුනක් ඇත.එනම් සොලීන් පොළොන්නරුවෙන් නෙරපා යලි මෙරට නිදහස් කරගත්සිංහල රජවරු කිසිවකු මේ හින්දු ආගමික ස්ථාන විනාශ නොකල බවයි.මේ විස්මිත නගරයේ මෑතකදි කරන ලද කැණීම් මගින් සොයාගෙන ඇති පුරාවස්තු රාශියක් පරාක්‍රම සමුද්‍රයේ බැම්ම පාමුල ඉදි කරවා ඇති නව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
අතීතයේ මුතුන් මිත්තන්ගේ මහේශාක්‍ය දිවිපැවැත්මේ සහ ප්‍රතිභාවෙි යටගිය පුවත් බොහෝ දුරට ඉස්මතු කර දෙමින් වත්මන් පොළොන්නරුව සාඩම්බරව නැගිසිටින්නට උත්සාහ දරමින් ඇත.ලෝකයේ ඉපැරණි කලාවන්ගේ ශ්‍රිවිභුතිය මතු කරගනු වස් ඇප කැපව සිටින යුනෙස්කෝ සංවිධානය 1981 සිට පැරණි පොළොන්නරු පෙදෙස සංරක්ෂණය කිරිමට ක‍ටයුතු කිරිම නිසා එම ශ්‍රි විභුතිය වඩාත් ඹපනැංවි පවතින බව කිව යුතුය.අවුරුදු දහස් ගණනක් තිස්සේ විදේශ ආක්‍රමනයන්ට ගොදුරු වෙමින්,ඝන වනාන්තර තුල හව් හරනක් නැතිව හුදකලා වෙමින් අව්වෙන් වැස්සෙන් පීඩා විදිමින් පැවති අතීත නටබුන් වර්තමාණයේදි පවා මෙවන් ශ්‍රි විභුතියක‍ට හිමිකම් කියන්නේ නම් එකල කොතරම් මහේශාක්‍ය ලීලාවෙන් මේ මහපොළොව මත නැගී සිටින්නට ඇත්ද??

මේ අඩවියත් බලන්න

පොළොන්නරුව

පොළොන්නරු දිස්ත්‍රිකයෙහි පිහිටා ඇති අනෙකුත් නටඹුන් ස්ථාන

වත්මන් පසුබිම

ඵෙතිහාසික නටඹුන් නගරයට සමීපව එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පවතින ආපනශාලා හා සිල්ලර වෙළඳසැල් කීපයකින් යුත් නගරයකි. මෙම නගරයට හා මහා මාර්‍ගයට කිලෝමීටර 6ක පමණ දූරකින් පිහිටා ඇති රාජ්‍ය ආයතන පවතින ප්‍රදේශය නවනගරය ලෙස හැදින්වෙන අතර එහි දිස්ත්‍රිකයේ විශාලතම පාසැල වනපොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත. උතුර මැද පලාතේ දෙවන විශාලතම නගරය වන පොළොන්නරුව දිවයිනේ පිරිසිදු හා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. හරිත වර්ණයෙන් යුත් වටපිටාව, දුටුවන් මවිත කරවන සුලු ථෙතිහාසික ඉදිකිරීම්, සුවිසල් පැරකුම් සමුදුර, ආකර්ශනීය සංචාරක හෝටල හා මෙහි වෙසෙන ජනයාගේ ආගන්තුක සත්කාරයන් නිතැතින්ම දෙස් විදෙස් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට සමත් වෙයි. මෑතක සිට මෙම ප්‍රදේශයේ යම් දේශගුණික විපර්යාසයන් නිරීක්ෂණය කල හැකි වෙයි. ථෙතිහාසික දත්ත වලට අනුව පොළොන්නරුව නිවර්තන කලාපීය දේශගුණයකින් යුක්ත වූ අතර දෙසැම්බර් හා ජනවාරි මාස වලදී යම් වර්ෂාපතනයක් ලබයි. එහෙත් පසුගිය අවුරුදු කිහිපය තුල ලැබෙන වර්ෂාපතනයෙහි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කලහැකි වෙයි. මෙම තත්වය මෙහි වෙසෙන ජනයාගේ විස්මයට හේතු වුවද විදෙස් සංචාරකයන්ගේ නම් එය මහත් සතුටට හේතුවකි. නමුත් ඇතැම් අවස්ථාවලදී වී ගොවීන් මෙම දැඩි වර්ෂාපතනයෙන් පීඩා විඳනු දක්නට ලැබේ.

මේවාත් බලන්න




නටඹුන් වී තිබූ සත්මහල් ප‍්‍රාසාදය හා වටදාගේ
වනය හෙළි කොට ගල් විහාරය සොයාගත් දිනවලදී දර්ශනය වූ අයුරු
පොළොන්නරුවේ පැරණිතම ගොඩනැගිල්ල අංක 2 දරණ ශිව දේවාලය
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය
ගල්පොත අද
පොළොන්නරුව පැරැණි නගරය
පරාක‍්‍රමබාහු රජ මාළිගය
වටදා ගේ
ලංකාතිලක විහාරය
සත්මහල් ප‍්‍රාසාදය
පරාක‍්‍රමබාහු රාජ සභා මණ්ඩපය
රන්කොත් වෙහෙර
ගල්පොත එදා දිස්වූ ආකාරය
 
පරාක‍්‍රමබාහු පිළිමය හෝ පුලතිසි සෘෂි වරයාගේ රුව යැයි සැළැකෙන පිළිමය


































පොළොන්නරුව වටදාගෙය

 

පෞරාණික නිර්මාණයක් වන පොළොන්නරුව වටදාගෙය, ශ්‍රී ලංකාවේ පොළොන්නරුව යුගයේ ඉදිවූවකි. මෙය පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට හෝ නිශ්ශංක මල්ල රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත් කිරීමට ඉදිකරවූවක් බවට විශ්වාසයන් පවතී. එකල මෙම පූජනීය ධාතූන් රාජ්‍යත්වයේ සංකේතයන් විය. පොළොන්නරුව ඓතිහාසික නගරය තුල පිහිටා ඇති මෙය රට තුල සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම වටදාගෙය මෙන්ම මෙම මාදිලියේ වාස්තුවිද්‍යාවේ අත්‍යන්ත සමෘද්ධිය විද්‍යාමාන කර‍යි. ශතවර්ෂ ගණනාවක් ජරාවාස වී තිබීමෙන් අනතුරුව 1903දී පොළොන්නරුව වටදාගෙයෙහි කැණීම් ආරම්භ විය.
කුඩා ස්තූපයක ආරක්ෂාව සදහා ඉදිකල මෙම නිර්මාණය සංකීර්ණ ශිලා කැටයමින් අලංකාර කරන ලද ශිලා වේදිකා යුගලකින් සමන්විත වේ. උතුරු දිශාවට මුහුණලා ඇති තනි දොරටුවකින් පහත් වේදිකාවට ප්‍රවිෂ්ට විය හැකි අතර සතර දිශාවට මුහුණලා ඇති දොරටු සතරකින් ඉහල වේදිකාවට ප්‍රවේශ විය හැක. කුඩා ස්තූපය සමන්විත ඉහල වේදිකාව ගඩොල් බිත්තියකින් ආවෘත වී ඇත. ස්තූපය වටා ඇති එක් එක් දොරටුව දෙසට මුහුණලා තබා ඇති බුද්ධ ප්‍රතිමා සතරකි. දැවමය පියස්සකට රුකුල් දෙනු පිණිස ඉදිකල බවට අනුමාන වශයෙන් සිතිය හැකි ඒකකේන්ද්‍රීය ශිලා ස්තම්භ පේළි ත්‍රිත්වයක්ද මෙහි පිහිටා ඇත. සමස්ථ නිර්මාණයම ශිලා කැටයමින් සැරසී ඇත. සඳකඩපහණ වැනි පොළොන්නරුව වටදාගෙයි ඇති ඇතැම් නිර්මාණ, එවන් වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ සඳහා ඇති විශිෂ්ටතම උදාහරණ බව සැලකේ. ඇතැම් පුරාවිද්‍යාඥයින් මෙහි දැවමය පියස්සක් තිබූ බව යොජනා කලද, ඇතැමුන් මෙම මතය ප්‍රතික්ෂේප කරයි.

පටුන

ඉතිහාසය

පොළොන්නරුව වටදාගෙය වර්ථමානයේ දිස්වන ආකාරය
පොළොන්නරුව වටදාගෙය කවුරුන් විසින් කුමන කාලසීමාවක ගොඩනගන ලද්දක්දැයි යන්නට පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් අතර පවතින මතවාද එකිනෙකට වෙනස් වේ. ඉන් එක් මතවාදයක් වන්නේ, මෙය 12වන ශතවර්ෂයේදී පළමු පරාක්‍රමභාහු රජ සමයේ ඉදි වූ බවයි. ඔහු බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව තැම්පත් කිරීමට, කවාකාර ශිලා ධාතු මන්දිරයක් ඉදිකල බව චූලවංශයේ සඳහන් වේ. පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල්ගේ විශ්වාසය වන්නේ මෙම ධාතු මන්දිරය පොළොන්නරුව වටදාගෙය බවයි. මීට පරස්පර අදහසක් ප්‍රකාශ වන, රාජාවලිය සහ පූජාවලිය වැනි දිවයිනේ ඓතිහාසික මූලාශ්‍ර කිහිපයක සඳහන් වන්නේ මෙය නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද්දක් බවයි. කෙසේ උවත් ආතර් මයුරයිස් හොකාර්ට්ගේ අධ්‍යනයන් පෙන්වා දෙන්නේ නිශ්ශංක මල්ල රජු එතෙක් තිබූ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමත් වාහල්කඩ සහ බාහිර ද්වාර ම්ණ්ඩපය වැනි එකතු කිරීම් කීපයක් පමණක් කර ඇති බවත්ය. මහාවංශය පරිවර්ථනය කල විල්හෙල්ම් ගීගර් සහ ඉතිහාසඥයකු වන එච්.ඩබ්ලිව්. කොඩ්රින්ටන් යන දෙදෙනාම මෙම මතය සමඟ එකඟ වේ. සමීපයෙහි පිහිටි නිශ්ශංක මල්ල රජු විසින් පිහිටුවන ලද ශිලා ලේඛණයක වටදාගෙය ඔහුගේ තැනීම් අතර ලැයිස්තු ගතකොට ඇත. එය ඉදිකරන ලද්දේ තම අධීක්ෂණය යටතේ ඔහුගේ සෙනවියෙකු විසින් බව මෙහි ඔහු සඳහන් කොට ඇත.
පුරාණ බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ අද්විතීය අංගයක් වන වටදාගෙවල්, වැදගත් පූජනීය වස්තූන් නිදන් කල හෝ පවිත්‍ර භාවයට පමුණුවනලද භූමියමත ඉදිකරන ලද කුඩා ස්තූපයන්ගේ ආරක්ෂාව සදහා ගොඩනගන ලදී. පොළොන්නරුව වටදාගෙය පලමුවන පරාක්‍රමභාහු රජු විසින් ගොඩනගන ලද සිද්ධස්ථානයක් නම්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුව එහි නිදන්වී තිබීමට ඉඩ ඇත. බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව එහි නිදන්වී තිබීම අනෙක් භාව්‍යතාවයි. මෙම ධාතූන් යුගලයම පුරාණ ලාංකීය සංස්කෘතියේ වැදගත් අංගයන් වූ අතර පොළොන්නරුව වටදාගෙය දේශයේ වැදගත්ම සහ ගෞරවණීයම ගොඩනැගීම් වලින් එකක් විය.
1215දී දකුණු ඉන්දීය ආක්‍රමණ සමඟ පොළොන්නරුව රාජධානියේ අවසානය සිදුවිය. රාජධානියේ බිඳවැටීමත් සමග පොළොන්නරුව වටදාගෙය ජරාවාසව තිබී ඇති අතර පසුකාලීන ඒ පිළිබඳ කිසිඳු සටහනක් දක්නට නැත. 1903දී පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව මගින් එම භූමියේ බෙල් යටතේ කැණීම් කටයුතු අරම්භ කල අතර ඔහු එම අවස්ථාවේදී එය පස් ගොඩැල්ලක් පමනක් යයි සලකුණු කරගන්නා ලදී.

පිහිටීම සහ පෙනුම

පොළොන්නරුව වටදාගෙයි පිහිටුම, බාහිර වෘත්තයෙන් පහත වේදිකාව දැක්වෙන අතර දෙවන වෘත්තයෙන් ඉහල වේදිකාව දැක්වේ. ප්‍රතිමා සතරින් ආවෘත ස්තූපය, එමෙන්ම දොරටු සතර හරහා ප්‍රවේශ වියහැකි ඉහල වේදිකාව මත පිහිටි ඒක කේන්ද්‍රීය ශිලා ස්ථම්භ ත්‍රිත්වය.
ඓතිහාසික පොළොන්නරුව නගරය තුල, දළදා මලුව නම් චතුරස්‍රාකාර ප්‍රදේශය තුල පොළොන්නරුව වටදාගෙය පිහිටා ඇත. නගරයේ පැරණිතම සහ අති පූජනීය ස්මාරක කිහිපයක්ම දළදා මලුව තුල අඩංගු වේ. ඒවා අතරින් ප්‍රමුඛ ස්ථානයක් පොළොන්නරුව වටදාගෙයට හිමිවන අතර දළදා මලුවේ ගිණිකොන ප්‍රදේශයේ වැඩිම ප්‍රමාණයක් ආවරණය කරයි. මෙය රට තුල හොඳින්ම සංරක්ෂණය වී ඇති වටදාගෙයකට උදාහරණයක් වන අතර අනුරාධපුර යුගයට අයත්, විශේෂයෙන් ථූපාරාමයේ සහ ලංකාරාමයේ සැලසුමට එක්තරා ප්‍රමාණයකට සමානත්වයක් දරයි.
පාදකයේ විෂ්කම්භය අඩි 27 අඟල් 8 (මීටර් 8.43)ක් වූ කුඩා ස්තූපයක් වටා මෙම ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. පහත් වේදිකාව සහ ස්තූපය අඩංගු ඉහල වේදිකාව ලෙස වටදාගෙයි මට්ටම් දෙකකි. ඉහල වේදිකාවෙහි විෂ්කම්භය අඩි 80 (මීටර් 24)ක් වන අතර පහත් වේදිකාවේ අඩි 120 (මීටර් 37)කි. පහත් වේදිකාව පොලොව ම්ට්ටමේ සිට අඩි 4 අඟල් 3 (මීටර් 1.30)ක් උසින් පිහිටා ඇති අතර ඉහල වේදිකාව පහත් වේදිකාවේ සිට අඩි 5 අඟල් 3 (මීටර් 1.60)ක් උසින් පිහිටා ඇත.
උතුරු දිශාවේ ඇති තනි දොරටුවක් හරහා කවාකාර පහත් වේදිකාවට ප්‍රවිෂ්ට විය හැක. විචිත්‍ර ලෙස ඉදිකර ඇති දොරටු සතර, මෙහි සිට අයින ගඩොල් බිත්තියකින් අවෘත වූ ඉහල වේදිකාවට මඟ පෙන්වයි. මෙම දොරටු, සතර කේන්ද්‍රීය දිශාවන්ට දිශානත වී ඇත. ස්තූපය වටා එක් එක් දොරටුව දෙසට මුහුණුලා ඇති බුද්ධ ප්‍රතිමා සතරක් තැම්පත් කොට ඇත. මෙම වේදිකාවේ මධ්‍යය, ස්තූපය මඟින් ආවරණය වී ඇත. එක් එක් බුද්ධ ප්‍රතිමාවේ උස අඩි 5 (මීටර් 1.5)ක් වන අතර එක එකක් උස අඩි 2 අඟල් 10 (මීටර් 0.86)ක් වූ ශිලා ආසන මත තැම්පත් කොට ඇත. ඒක කේන්ද්‍රීය ශිලා ස්තම්භ පේළි ත්‍රිත්වයක් ඉහල වේදිකාවේ පැවතී ඇත. ගඩොල් ප්‍රාකාරය තුල පිහිටි මෙම පේළි වලින් දෙකක කිසිවක් ශේෂවී නැති අතර තෙවන පේළිය ඊට පිටතින් දක්නට ඇත. ඇතුලත පේළියේ ස්තම්භ 16ක්ද මැද පේළියේ ස්තම්භ 20ක්ද පිටත පේළියේ ස්තම්භ 32ක්ද තිබී ඇත. දැනට පවත්නා පිටත වළල්ලේ ස්තම්භ වල උස අඩි 8 (මීටර් 2.4)ක් පමණ වේ.

ගෘහ නිර්මාණ ශිල්පය සහ ගල් කැටයම් කළාව

එක් පිවිසුමක් අසල ඇති සඳකඩපහණක්.
අතීත ශ්‍රී ලාංකික පුරවැසියන් බදු ගෙවීමේ ක්‍රමයක් ලෙස ඉදිකිරීම් සහ අළුත්වැඩියා කිරීමේ වැඩ වල නිරතවන ලදී. එවන් ශ්‍රමිකයන්ද පොළොන්නරුව වටදාගෙය ඉදිකිරීමේදී යොදාගෙන ඇත. කෙසේ උවත් වැඩි කර්තව්‍යයක් නිපුන ශිල්පීන් අතින් සිදුකර ඇති බව නිර්මාණයන්ගේ උසස් තත්වය පෙන්වාදෙයි. පොළොන්නරුව යුගයේදී වටදාගෙය ආකාරයේ නිර්මාණයන්ගේ ගෘහ නිර්මාණශිල්පය ඉහල මට්ටමක පැවති අතර පොළොන්නරුව වටදාගෙය එහි අත්‍යන්ත දියුණුව බව සලකයි. නිර්මාණයේ වඩාත්ම සිත් ඇදගන්නා අංග සමහරක් වන්නේ එහි ඇති සංකීර්ණ ගල් කැටයම් වේ. උතුරු පිවිසුමේ ඇති සඳකඩපහණ සහ නැගෙනහිර පිවිසුමේ ඇති මුරගල් දෙක පොළොන්නරුව යුගයට අයත් එවන් වාස්තුවිද්‍යාත්මක නිර්මාණ සඳහා ඇති විශිෂ්ටතම උදාහරණ ලෙස සලකයි. පුරාණ ලංකාවේ ආශ්‍රමස්ථ ගොඩනැගිලි සඳහා වන පිවිසුමෙහි සුලභව මෙවන් සැරසිලි අංග ස්ථාපිත කොට තිබූ අතර සඳකඩපහණ බුදුදහමේ සංසාර චක්‍රය නිරූපණය කරන බව ඉතිහාසඥයින්ගේ පිළිගැනීමයි. බෙල්ට අනුව පැහැදිලි වන්නේ ඉහල වේදිකාවේ පැතිවල ඇති කැටයම් වලට සමකල හැකි නිර්මාණයක් අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ හෝ ඇතැම්විට ලංකාවේ වෙනත් කිසිම බෞද්ධ සිද්ධස්ථානයකින් හෝ හමුනොවන බවයි.
පොළොන්නරුව වටදාගෙයින් හමුවන සෘජු, සමමිතික ශිලා ස්තම්භ අනුරාධපුර යුගයේ ගොඩනැගිලිවල දක්නට ලැබෙන ඒවාට බොහො සෙයින් සමානවේ. සෑම ශිලා ස්තම්භයකම පාදය නෙළුම් මලක හැඩයට කැටයම් කොට ඇත. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන අනුමාන කරන්නේ මෙම ශිලා ස්තම්භ දැවමය පියස්සක් උසුලා සිටි බව‍යි. මෙම මතය බොහො අය විසින් පිළිගන්නා අතර මේ සඳහා භාවිතා කල ඇණ සහ උළු කැණීම් වලදී හමුවී ඇත. කෙසේ උවත් අනෙක් මතය වන්නේ වටදාගෙයට පියස්සක් නොතිබූ බවත් පහන්, තිර හෝ බෞද්ධ සංකේත එල්ලීමට ශිලා ස්තම්භ භාවිතා කල බවත්ය.
ඉහල වේදිකාවේ ස්තූපය අසල පිහිටි බුද්ධ ප්‍රතිමා වලින් එකක්. ගඩොල් ප්‍රකාරය පසුබිමෙන් දිස්වේ.
වේදිකාව වටා ඇති ගඩොල් ප්‍රාකාරය සැලකියයුතු තරම් ආරක්ෂාවී පැවතියත් එහි ඇතැම් කොටස් කැඩීගොස් ඇත. එහි ඝනකම බොහෝ සෙයින් අඩි 2 අඟල් 6(මීටර් 0.76)ක් වන අතර අනුමාන වශයෙන් ස්තූපය පැති වලින් ආරක්ෂාවීමට තනන ලද්දකැයි සිතිය හැක. ප්‍රාකාරයේ ඇතුලත පෘෂ්ඨය සිතුවම් වලින් අලංකාරව පැවති බවට සාධක ඇත. එහි පහල කොටස මල් මොස්තර කැටයම් කල ගල් පුවරු වලින් ආවරණයවී ඇත. ප්‍රාකාරයට පහලින්වූ ඉහල වේදිකාවේ පැත්ත මෙන්ම පහත වේදිකාවේ පැත්තද කැටයමින් සැරසී ඇත.
ගලින් කැටයම් කල බුද්ධ ප්‍රතිමා සතර, ධ්‍යාන මුද්‍රාව නිරූපණය කරයි. ඉන් දෙකක් අද වනවිට නිරුපද්‍රිතව පැවතියද අනෙක් දෙකෙහි කොටස් පමණක් ඉතිරිව පවතී. ශ්‍රී ලංකාවේ සුලභව දක්නට ලැබෙන බුබ්බුලාකාර හැඩයට මධ්‍යයේ ස්තූපය ඉදිකර ඇත. මෙහි ඉහල කොටස විනාශවී ඇති අතර ගෝලාකාර හැඩැති පහල කොටස පමණක් දැනට ඉතිරිව පවතී. කෙසේ උවත් සාම්ප්‍රදායික පේසා වළලු ත්‍රිත්වය වෙනුවට මෙහි දක්නට ලැබෙන්නේ පේසා වළලු දෙකක් පමණි.

යොමුව

ආශ්‍රිත ග්‍රන්ථ


පරාක‍්‍රමබාහු පිළිමය හෝ පුලතිසි සෘෂි වරයාගේ රුව යැයි සැළැකෙන පිළිමය
 පොළොන්නරුව:



ශ්‍රී ලංකාවේ රාජධානීන් අතරින් දෙවැනි පැරණි රාජධානිය වනුයේ පොළොන්නරුව රාජධානියයි. පළමුවන විජයබාහු රජතුමා ක්‍රි.ව. 1070 දී චෝල ආක්‍රමණිකයින් පලවා හැරීමෙන් පසුව පොලොන්නරු රාජධානිය තම පාලනයට නතු කොට ගෙන එක්සේසත් කළේය. පළමුවන විජයබාහු රජුගේ රාජ්‍යත්වයත් සමඟම සිදුවූ අධිරාජ්‍ය වෙනස් වීම් හේතුවෙන් පොළොන්නරුව සුවිෂේශී බවක් උසුලයි. පොළොන්නරුව එක්සේසත් කළ කතා නායකයා වනුයේ විජයබාහු රජුගේ මුණුබුරා වූ පළවෙනි පරාක්‍රමබාහු රජතුමායි. චෝල අධිරාජ්‍යයන්ගේ කෙටි පාලන සමය තුළ පොළොන්නරු නගරය ජනන්තමංගලම් ලෙස ද හැඳින්වීය.

කෙසේ වුවද පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව රජ වූ නිශ්ශංකමල්ල රජතුමාට ඇති විරුද්ධත්වය මත අනෙකුත් සියලු අභ්‍යන්තර පාලකයින් තුළ රාජ්‍ය පාලනයට තිබූ කැමැත්ත ක්‍රමයෙන් ගිලිහී යන්නට විය. මෙය හේතු කොට ගෙන නිශ්ශංකමල්ල රාජ්‍ය පාලනයට විරුද්ධව සටන් ඇවිලීමට පටන් ගැනිණ. මෙසේ රජුට විරුද්ධව කැරළි ඇති වෙද්දී අනෙකුත් පාලකයන් විසින් දකුණු ඉන්දියානු ප්‍රබල රාජ්‍යයන් සමඟ සීමා රහිත විවාහ සම්බන්ධතා ඇති කර ගත්තේය. එය හේතු කොට ගෙන ශ්‍රී ලාංකීය රජ පෙළපත අභාවයට යාමට පටන් ගත් අතර කාලිංග මාඝ වර්ෂ 1214 දී පොළොන්නරුව රාජධානිය ආක්‍රමණය කළේය. අවසාන වරට පොළොන්නරුව රාජධානිය ආක්‍රමණයකට නතු වුයේ වර්ෂ 1284 දී පාන්ඩ්‍යය රජ පෙළපතකට උරුමකම් කියූ ආර්ය චක්‍රවර්තී නම් රජුගෙනි. ඉන්පසුව ලංකාවේ අගනුවර ලෙසට දඹදෙණිය පත් විය. 
වර්තමානයේදී දක්නට ඇති අතීත පොළොන්නරුව නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන ලාංකීය රජ දරුවන්ගේ විශිෂ්ටත්වය හා ශික්ෂණය මනාව පිළිඹිබු කරයි.

පොළොන්නරුව පිහිටීමේ වැදගත්කම:
අනුරාධපුරය අගනුවර කරගත් පාලකයන්ට උපකාරක නගරයක්යුද්ධමය වශයෙන් ආරක්ෂිත කලාපයක් සහ සේනා සංවිධානය කොට කඳවුරු පිහිටුවවීමට සුදුසු පෙදෙසකි.
·  අනුරාධපුරය හා රෝහන දේශය අතර ගමනාගමනය සිදුවු සංධිස්ථානයක් ලෙස
·  ආරක්ෂිත මෙන්ම ස්වයං පෝෂිත වු බලකොටු පෙදෙසක් ලෙස
දෙස් විදෙස් පතල කිර්ති නාමයක් පුරය‍ට ගෙන දුන් අතීත රජවරු සහ රැජිනියෝ සහ ප්‍රාදේශිය නායකයෝ දහඅට දෙනෙකි. පාලකයන් අතර සමහර පාලකයන් විශිෂ්ඨයෝය. ඇතැම්හු දුර්වලයෝය.ඒ ඒ විශිෂ්ඨත්වය ඔවුන් ලබාගෙන ඇත්තේ ස්වකීය දේශයේ ස්වාධීනත්වය හා උන්නතිය උදෙසා ජීවිතය පරදුවට තබා කැපවීමෙනි. 
පොළොන්නරුව රාජධානිය කරනු ලැබුවේ කාලිංඝ මාඝ විසිනි. මේ පාලක පාලිකාවන් සියල්ලන්ගේම යහපත් හෝ අයහපත් පාලන තන්ත්‍රයෙහි මතකයන් පොළොන්නරු පුරය හා තදාසන්න ප්‍රදේශවල ඉතිරිව ඇතත් වඩාත් වැදගත් ‍‍‍ඓතිහාසික මෙහෙවරක් කල රජුන් දෙදෙනා වන්නේ චෝලයින්ගෙන් රට මුදවාගත් "මහා විජයබාහු රජතුමා" සහ භේද භින්න වූ අභ්‍යන්තර දේශපාලනය ජය ගෙන රට ඵක්සේසත් කල "මහා පරාක්‍රමබාහු රජතුමා" ය. ඓතිහාසික සාධක වලට අනුවසාහිත්‍යයට අනුව, ජනප්‍රවාද වලට අනුව රාජකීය නගරයක් ප්‍රධාන වශයෙන් කො‍ටස් කිහිපයකින් සැදුම් ලද්දක් විය.
  • ඇතුල් නුවර
  • පිට නුවර
  • පි‍ට නුවරින් පිට පෙදෙස් (උප නගර, ජනාවාස,‍ගොවිබිම්)
         පුරාවස්තු:

  •          පරාක්‍රම සමුද්‍රය
  •          පුරාවිද්‍යා කෞතුකාගාරය
  •          ශිව දේවාලය
  •          වටදා ගෙය
  •          හැටදා ගෙය
  •          මැණික් වෙහෙර
  •          ලංකා තිලක
  •          තිවංක පිළිමගෙය
  •          පරාක්‍රම මාලිගාව
  •          නිශ්ශංකමල්ල මාලි‍ගා සංකිර්ණය
  •          නිශ්ශංකලතා මණ්ඩපය
  •          අ‍ටදා ගෙය
  •          සත්මහල් ප්‍රසාදය
  •          රන්කොත් වෙහෙර
  •          කිරිවෙහෙර
  •          පොත්ගුල් වෙහෙර
  •          කුමාර පොකුණ
  •          නෙළුම් පොකුණ
      පොළොන්නරුවේ වැදගත් ස්ථාන කීපයක්:
  •      පොත්ගුල් විහාරය 
උස් වේදිකාවක් මත වෘත්තාකාර ලෙස පිහිටි ගොඩනැගිල්ලකි. දොරටුවෙහි 
ගලින් ඉදිකළ අලංකාර උලුවස්සකි. මළුවේ හතර පැත්තෙහි කුඩා ස්ථූප 4කි. 
පහත මළුව භික්ෂු කුටි වලින් යුක්තය. පළවන පරාක්‍රමබාහු රජු ඉදිකළ 
විහාරයක් බව සෙල්ලිපි වල සඳහන්ය.


  •      ශෛලමය ප්‍රතිමාව 

 මත රාශියකට තුඩු දී ඇති මෙය මහා පරාක්‍රමබාහු රජුගේ හෝ පුලතිසි ඍෂිවරයාගේ පිළි රූ ලෙස ද සැළකේ. සමහර අය කලාකාමී පුද්ගලයෙකුගේ යැයි ප්‍රකාශ කරන්නේ උඩු කයෙහි රජවරුන්ට විශේෂිත හෝ ඍෂිවරුන්ගේ පළඳනාවක් නොමැති බැවිනි. 









  •      පරාක්‍රම සමූද්‍රය 
පළවන පරාක්‍රමබාහු රජ සමයේ විශිෂ්ඨ නිර්මාණයක් වූ පරාක්‍රම සමුද්‍රය   
වැව් කීපයක් ඒකාබද්ධ කිරීමෙන් සකස් කරන ලද්දකි. තෝපා වැව, දුඹුටුලු වැව, එරබඳු වැව ඉන් ප්‍රධානය. මේ ප්‍රදේශයේ තවත් ප්‍රධාන ජලාශ වන්නේ ගිරිතලේ, මින්නේරි, කවුඩුලු හා කන්තලේ යන වැව් ය. අඹන් ගඟ හරස්   කර බඳින ලද වේල්ලක් මඟින් හා ගිරිතලේ වැවෙන් ද පරාක්‍රම සමුද්‍රයට ජලය ලබාගෙන ඇත. පරාක්‍රම සමුද්‍රයේ ජලය නළ මාර්ග මඟින්  ලබා  ගනිමින් පොකුණු රාශියක් ද ඇත. 

  •      පරාක්‍රමබාහු මාළිගය 

වෛජයන්ත ප්‍රාසාදය නමින් ද හැඳින්වේ. ගඩොල් නිර්මාණයක් වූ මෙය මහල් 7 කින් හා කාමර රැසකින් යුත් ගොඩනැඟිල්ලක් බව වංශ කතාවන්හි සඳහන් වේ. මාළිගාවට ඇතුළුවන තැන ඇති ශාලාව රැස්වීම් ශාලාවක් විය හැකිය. බිත්ති ගණකම්ය. මහල් හා වහළ දැවයෙන් නිර්මාණය කර ඇත. මුර භටයින්ටද ගොඩනැඟිලි ඉදිකර ඇත. 



  •      පරාක්‍රමබාහු රාජසභා මණ්ඩපය 
ගල් කැටයම් නිර්මාණයේ සුවිශේෂත්වය පිළිඹිබු කරන ගොඩනැඟිල්ලකි. 
ඇතුළු වන තැන සඳකඩ පහණක් ඇත. මකර රූප සහිත පියගැට පෙළක් ද දර්ශණීය සිංහ රූප ද සහිතය. සඳකඩ පහණ, කොරවක් ගල් රාජ සභාවක් ඉදිරියේ යොදා ඇති විශේෂ අවස්ථාවකි. 


  •      අටදා ගෙය 

        පළවන විජයබාහු රජු ඉදිකරවූ දළදා මන්දිරයයි. උඩු මහලේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ අතර පහළ මාලය ප්‍රතිමා ගෘහයක් ලෙස භාවිතා වන්නට ඇත. මෙය ආසන්නයේ ඇති සෙල් ලිපියක දළදා වහන්සේ ආරක්ෂා කරගත යුතු ආකාරය දැක්වේ. මේ මන්දිරය ආරක්ෂා කිරීමට වේලක්කාර භටයන් යොදාගත් බව සනාථ වේ.





  •      නිශ්ශංකමල්ල රාජ සභාව 
        රජුගේ ආසනය කලාත්මක සිංහ රූපයකින් යුක්තය. යුව රජු අසුන් ගත යුතු 
කුඩා සිංහාසනය ද මෙහි ඇත.


  •      හැටදා ගෙය 

        දළදා සමිඳුන් සඳහා ඉදිකළ නිර්මාණයකි. නිශ්ශංකමල්ල රජු තමාගේ නිර්මාණයක් ලෙස සෙල් ලිපි වල සඳහන් කරත් පළවන පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සැළකේ. මහා පරාක්‍රමබාහු රජු දන්ත ධාතූන් වහන්සේ රුහුණෙන් ලබාගෙන මෙහි තැන්පත් කර දළදා පෙරහැර ද පවත්වා පුද සත්කාර කළ බව වංශ කතා වල කියවේ.



  •      ගල්පොත 
        හැටදා ගෙය අසල ඇති නිශ්ශංකමල්ල රජු කරවන ලද සෙල් ලිපියකි. පොතක පිටුවක ආකාරයෙන් සකස් කර ඇත. මිහින්තලා ප්‍රදේශයෙන් රැගෙන ආ බව කාලිංග වංශිකයන්ට පමණක් රාජ්‍යය හිමිවිය යුතු බව විදේශිකයන් සමඟ වෙළඳ සම්බන්ධතා ගොඩනඟා ගත් ආකාරය මෙහි දැක්වේ. ඇතුන් දෙදෙනෙකු පැන් ඉසින ආකාරය, හංස කැටයම්, ලියවැල් වලින් යුක්තය.

  •      ශිවදේව 

        පොළොන්නරුවේ චෝල පාලනය පැවති අවධියේ දී ඉදිකරන ලද්දකි. දකුණු ඉන්දියානු වාස්තු විද්‍යාත්මක ලත්ෂණ ඉතා හොඳින් නිරූපණය කෙරේ. දේවාලය වටා ගව රූප කීපයක් මැදි කොට ගෙන ශිව දේවාලය සාදා ඇති අතර ශිව ලිංග පූජාවට අදාළ දේවාලද ඇත.

  •      මැණික් වෙහෙර 
        තරමක උසින් යුතු වේදිකාවක් වැනි කොටසක මැණික් වෙහෙර තනා ඇත. හුණු බදාමයෙන් සිංහ රූප කැටයම් කළ උළුවස්ස වැදගත්ය.





  •      ආලහන පිරිවෙන 

        මහා පරාක්‍රමබාහු රජුගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් ලෙස සැළකේ. දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලැබූ ස්ථානයක් ලෙසද සැලකේ. මැණික් වෙහෙර, රන්කොත් වෙහෙර, බුද්ධසීමා ප්‍රාසාදය, ලංකාතිලක පිළිම ගෙය, ගෝපාල පබ්බතය හා කිරි වෙහෙර ඇතුළු ප්‍රධානස්ථාන කීපයක්ම අයත් වන්නේ මේ ආලහන පිරිවෙන් සංකීර්ණයටය. මේ ගොඩනැඟිලි තනා ඇත්තේද මනාව සකස් කළ එක් එක් උස් මට්ටම් වලින් යුතු බිම් වලය. අනුරාධපුර යුගයේද මේ ප්‍රදේශයේ ජනයා වරදින් මිදී සිටි බව හෙළිවේ. පූජාසන භූමි, ගලින් සාදන ලද වැසිකිළි, රෝහල් දැකිය හැකිය.

  •      ලංකාතිලක ප්‍රතිමා ගෘහය 
        ගඩොලින් නිර්මාණය කර ඇති ප්‍රතිමා ගෘහයක් ලෙස සැළකිය හැක. පළවන 
පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දක් වූ මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව අඩි 41 කට වඩා 
වැඩිය. වංශ කතාවන්හි සඳහන් වන්නේ මහල් 5 කින් යුත් එකක් ලෙසය. විවිධ 
ලතාවන්ගෙන්, මලින් හා දේව, බ්‍රහ්ම රූපයන්ගෙන් අලංකාරව කැටයම් කර තිබේ. පිටත 
බිත්ති සාදා ඇත්තේ හුණු මිශ්‍ර බදාමෙනි. විශාල ගඩොල් යොදා ඇත. පවත්නා බිත්ති ද අඩි 
55 කින් පමණ උසය. ඉහළ මාලයන්ට නැගීමට පියගැට පේළි 2 ක්ද  ඇත. වාස්තු විද්‍යාවේ 
සුවිශේෂ නිර්මාණයක් වශයෙන් මෙය සැළකේ. පිළිම  වහන්සේ වන්දනා කිරීම සඳහා 
පැමිණෙන අය පිළිමයට පිටුපසට නොගොස් ආපසු යාමක් නැත.

  •      බුද්ධ සීමා ප්‍රාසාදය
 භික්ෂූන් වහන්සේලාගේ විනයකර සිදුකිරීමට යොදාගෙන ඇති පොහොය ගෙයකි. නායක ස්වාමීන් වහන්සේලාට වැඩ සිටීමට උස් ස්ථානයක් සකස් කොට ඇත. ඉහළ මාලයේ පිහිටුවා ඇති සීමා අඟල් අතිශයින් කලාත්මකය. විනය කර්ම සීමාවන්ද දැක්වේ. පොළොන්නරු යුගයට අයත් බිතුසිතුවම් මෙන්ම ජනේල ද මෙහි දැකිය හැකිය. 

  •      ගල් විහාරය (උත්තරාරාමය) 
 මහා පරාක්‍රමබාහු රජතුමා කරවන ලද සුවිශේෂ නිර්මාණයක් වන මෙහි 
ශෛලමය ප්‍රතිමා 4ක් ඇත. 
  1.        ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා
  2.        විද්‍යාදාර ලෙනෙහි සෙල් ලිපියක් ආසන්නයේ ඇති හිටි පිළිමය
  3.        ගිරාසන ඉරියව්වෙන් යුත් හිඳි පිළිමය
  4.        සැතපෙන පිළිමය
        විද්‍යාදාර ලෙන සමීපයේ ඇත්තේ පොළොන්නරු කතිකාවත නම් සෙල් ලිපියයි. සංඝයා වහන්සේලා සඳහා පදනම් වූ නීති ඊට ඇතුළත්ය.

  •      දෙමළ මහා සෑය 
        සම්පූර්ණ නොවූ විශාලතම ස්ථූපයකි. පැවති උස් ස්ථානයක් චෛත්‍යයක් බවට පරිවර්තනය කිරීමට ගත් උත්සාහයක් ලෙසද හඳුන්වා ඇත. දෙමළ සිරකරුවන් යොදවා සකස් කළ එකක් ලෙසද සැළකේ.



 සිගිරිය ගැන ටිකක්

 


සීගිරි චිත්‍ර:
ආලකමන්දාවක් යැයි කීමේදී සීගිරි චිත්‍ර ඉතාමත් වැදගත්ය. ක්‍රි.ව. 08 දී චිත්‍ර 502 ක් පැවති බව සඳහන් වුව ද අද දක්නට ඇත්තේ චිත්‍ර 22ක් පමණි. මෙම චිත්‍ර ප්‍රධාන ලෙස බටහිර ගල් පර්වතය දිගේ දක්නට ලැබේ. තවද නයි පෙන ගුහාව, වතුර බක්කි ගල ගුහාව, දැරණියගල ගුහාව හා ශිලා උද්‍යානයේ ගුහාවන්හි දක්නට ලැබේ. චිත්‍ර ඇඳීමේදී තලය සඳහා මී පැණි, හුඹස් මැටි, දහයියා මිශ්‍රණයක් යොදාගෙන තිබේ. වර්ණ සැකසීම සඳහා ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදී දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන ඇත. සීගිරි චිත්‍ර වල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වනුයේ උඩුකය සහිත කාන්තා රූප පමණක් පැවතීමයි. චිත්‍ර නිර්මාණයේදී ශරීර ප්‍රමාණයන්, ඇඳුම් පැලඳුම්, ආභරණ, මල් වට්ටි නිසි පරිමාණුකූලව දක්වා තිබීම කලාකරුගේ නිර්මාණ කුසලතාව පෙන්වයි.
සීගිරි චිත්‍ර පිළිබඳව උගතුන් අතර විවිධ මත ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතාගේ මතය වූයේ සීගිරිය ආසන්නයේ පිදුරංගල විහාර වන්දනයට යන අන්ත:පුර කතුන් හා සේවිකාවන් බවයි. එහි සිටින කහ පාට වර්ණවත් කතුන් අන්ත:පුර කතුන් බවද අඳුරු පැහැ කතුන් සේවිකාවන් බවද දක්වයි. උඩුකය පමණක් තිබීමත් වළාකුළෙන් මතුවන සේ තිබීමත් නිසා ඒ දිව්‍ය ස්ත්‍රීන් බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහසයි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ අදහස එය දිය කෙළියක් බවයි.
 "  රජුගේ ඇතොරෙන් අපි නොයෙමුයි
  ඔවුහු හගුමින් සිටිති " 
යන කුරුටු ගීයට අනුව සිය වල්ලභයාගේ මරණයෙන් ශෝක වන අන්ත:පුර කතුන් බව නන්දදේව විජේසේකර මහතා පවසයි. සෙනරත් පරණවිතාන මහතා පවසනුයේ රන්වන් කතුන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලිය ද නිල්වන් කතුන් තුළින් මේඝලතා හෙවත් මේඝය ද නිරූපණය වන බවයි. ඒ අනුව සීගිරියේ ඉතාමත් විචිත්‍රවත් අංගයක් ලෙස සීගිරි චිත්‍ර වැදගත්ය.

කැඩපත් පවුර හා කුරුටු ගී: 

සීගිරි කුරුටු ගී මිලකළ නොහැකි ජාතික දායාදයක් වන අතර, සීගිරිය නැරඹූ භික්ෂූන්, කරණවෑමියන්, මැති ඇමතිවරු, සාමාන්‍ය ජනතාව ආදී සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් ලියන ලද කුරුටු ගී සීගිරි කැඩපත් පවුරින් හමුවී තිබේ. ඔවුහු සීගිරි කතුන්ගේ රූ සපුව වර්ණනා කලහ. ඔවුන්ගේ ආදරය පැතූහ. එසේම දෝශාරෝපණය කළ කාව්‍ය සංකල්පද හමුවේ.

          "  පුන් පියවුරු බල දරණ ලී ලෝජන මෙවුල් දමින් සැරසුන
            මේ මනරම් ලලනාවෝ කවරහුද? "
          "  නිල් කට්රොල් මලක ඇවුණු වැට්කොල් මල් සෙයි "

ලෙස කතුන්ව උපමා කලහ. තවද කොමඩු ගෙඩියක එන අංගෝපාංගයන්ට ද සීගිරි කතුන් සමාන කලහ. ඒ අනුව බලන විට සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂා වීමට තැනූ බලකොටුවක්, කුවේරයා මෙන් විසීමට තැනූ දෙවන ආලකමන්දාවක් මෙන්ම නාගරික සංකීර්ණයක් ලෙසද වැදගත් වන බව පැහැදිලිය.

සීගිරි  ගී වල වැදගත්කම:
මෙරට පැවති සමෘදිමත් හා උසස් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රයක් ලෙස සීගිරි ගී වැදගත් වේ.
 පසුකාලීනව ඇතිවන විවිධ වසංගත, සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සීගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයකි.

  • සීගිරි ගී බහු කතෘක මූලාශ්‍රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපණය වන්නේ එකළ පැවති පොදුජන රුචිකත්වයයි.
  • මෙතෙක් වූ ආගමික සංස්කෘතියෙන් බැහැර වූ කෘතියක් වීම තුළදී වස්තු විෂය තීරණය වීමේදී ආගමික සාහිත්‍ය සම්භාව්‍ය බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය සම්ප්‍රධාය එම ආකෘතියෙන් බැහැර වූවකි.

සීගිරියේ වාස්තු විද්‍යාව:
සීගිරියේ වාස්තු විද්‍යාව ගැන සලකා බැලීමේදී එය අරමුණු කීපයක් ඔස්සේ හසුරවනු ලැබූ ආකාරයක් දක්නට ලැබේ. මෙහිදී ආරක්ෂාව පිළිබඳව වඩාත් සැළකිළිමත් වූ බව පෙනේ. එසේම කලාත්මක බව හා එහි පිහිටීම පිළිබඳවද උනන්දු වී තිබේ. මහාවංශය සඳහන් කරන ආකාරයට කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කරගත් පසුව නොයෙක් කර්මාන්ත ආදිය කොට එය සුදුසු ආකාරයට සකස් කරගත් බව කියවේ.

වාස්තු විද්‍යාවේ නිර්මාණකරණය

  • නාගරික සැලසුම්කරණය:
සීගිරි වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සීගිරි නගර සැලසුම හඳුන්වා දිය හැකිය. ලාංකීය වෙනත් නාගරික සැලසුම් වලින් යම් තරමකට හෝ සීගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක් වශයෙන් තිබූ තැනක් පමණක්ම නොව එය සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වූ බැවිනි. පුරාණ නගරයක් සැළසුම් කිරීමේදි ආරක්ෂාව පිළිබඳව සැළකිලිමත් වූ බව පෙනේ. රජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය. සීගිරිය ගිරි දුර්ගයක් කේන්ද්‍ර කොටගත් බලකොටුවකි. මෙම ස්ථානය දුර්ගයක් වූ පමණින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සීගිරියේ සෑම නිර්මාණයක්ම සැලසුම් වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භූමියෙන් අඩි 600 ක් තරම් උස් වූ හුදෙකලා පර්වතයක් කේන්ද්‍ර කරගනිමිනි. ඒ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපී යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටාගෙන මෙහි මූලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය හා භූමියේ ස්වාභාවික පිහිටීමට අනුගත වන පරිද්දෙනි. ඒ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමි වී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භූමි ප්‍රදේශය මුල් කරගෙනය. මේ නිසා සීගිරි සැලසුම වශයෙන් බටහිර - නැගෙනහිර දිශානුගත වූ ආයත චතුරස්‍රාකාර ස්වරූපයක් ගනී.

සීගිරියේ බිම් සැලසුම:

  • නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරීම.
  • දොරටු නිර්මාණය.
  • පාරිසරික සම්බන්ධතාවය.
  • ලෙන් නිර්මාණය.
  • ගල් භාවිතා කිරීමේ ස්වරූපය (ගඩොල්/හුණුගල/කළුගල්)
  • උද්‍යාන සැලසුම්කරණය:
සීගිරියේ උද්‍යාන පිළිබඳ සලකා බලන කළ පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යාන වලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අඟලින් හා පවුරු වලින් වටවූ තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙක් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල් තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව හා සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වූ කලී, පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශණය සේ සැළකේ.
සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදේ.
  1. ජල උද්‍යානය
  2. ශිලා උද්‍යානය
  3. මාලක උද්‍යානය
මෙම උද්‍යාන ක්‍රමවේද 3ම අනුගමනය කරමින් රජ මාළිගා උද්‍යානය නිම කර තිබේ.


  • ගොඩනැගිලි සැලසුම්කරණය:
නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරීමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂ වලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්, ගඩොල්, දැව හා බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ගඩොලුමය නිර්මාණයන්ය. ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පූර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් හා දැවය.